උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලබන 12 වනදා ආරම්භ වන 2025 අ.පො.ස. උසස්පෙළ විභාගයට අදාළ ඉතිරි කොටසේ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අද (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාගය අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්විය නොහැකි වූ විෂයයන් ජනවාරි 12 සිට 20 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?