අවුරුදු 16ක දැරියකට වෙඩි තැබූ කොහුවල වෙඩි තැබීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට

කොහුවල පොලිස් වසමේ බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පසුගිය දෙසැම්බර් 30 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 16ක දැරියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු සහ අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දින දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ දී මොවුන්ව අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් බවට පොලිසිය විසින් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03ක්, 09 mm වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදාගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතමින් වෙඩික්කරුගේ රුව බව කියන ඡායාරුපයක් ද ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55
Video thumbnail
පාර දිගේ බඩ ගාගෙන ඇවිල්ලා හොරා ලාච්චුවට දීපු සුද්දේ
04:47
Video thumbnail
යළි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
03:33
Video thumbnail
නලින්දගේ කතාවට දයාසිරි නැගිටලා ගේම ඉල්ලයි
02:29


?