කලකිරීමට පත් වූ කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අනිද්දා (04) ආරම්භ වන අවසන් තරගයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පවසනවා.

ඒ, අනුව 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කවාජාට හිමිවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරමින් කවාජා සඳහන් කළේ තමන්ට එල්ල වූ විවේචනවලට වාර්ගික අර්ථයක් ඇති බවත්, තම වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා වෙනස් ලෙස සැලකීම නිසා තමා කලකිරීමට හා වේදනාවට පත් වූ බවයි.

පාකිස්තානයේ උපත ලැබූ උස්මාන් කවාජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා ද වනවා.

2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 87ක් එක්දින තරග 40ක් සහ විස්සයි විස්ස තරග නවයකට ක්‍රීඩාකර තිබෙනවා.

  1. මේ ගැන විපක්ෂ නායකතුමා මොකක්ද දන්නෙ නෑ කියන්නෙ? පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවද? එහෙම නැත්නම් එහෙ ක්‍රිකට් බෝඩ් එකට කෝල් එකක් දීල කාවාජාට ” සාධාරණයක් කරන්න කියල ඉල්ලීමක් කරනවද ??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19