අධ්‍යාපන ලේකම් නාලක කළුවැවගෙන් CID වෙත පැමිණිල්ලක්

අධාපන අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති 06 ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි භාෂා මොඩියුයේ ඇතුළත් නොවිය යුතු වෙබ් අඩවියක නමක් සදහන් වී ඇති බවට අභ්‍යන්තර පරීක්ෂණයක් හරහා තහවුරු කරගත් බව අධ්‍යාපනය අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙලෙස නුසුදුසු වෙබ් අඩවියක් නමක් එම මොඩියුලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ මෙලෙස නුසුදුසු වෙබ් අඩවියක නමක් මොඩියුලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත්, එලෙස නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කිරීම සඳහා වෙනත් පාර්ශවයක බලපෑමක් හෝ පෙළඹවීමක් සිදු වූවාද යන්න පිලිබඳ ඇති සැකය මත මෙලෙස අද දිනයේ දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිලි කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?