අධාපන අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති 06 ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි භාෂා මොඩියුයේ ඇතුළත් නොවිය යුතු වෙබ් අඩවියක නමක් සදහන් වී ඇති බවට අභ්‍යන්තර පරීක්ෂණයක් හරහා තහවුරු කරගත් බව අධ්‍යාපනය අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙලෙස නුසුදුසු වෙබ් අඩවියක් නමක් එම මොඩියුලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ මෙලෙස නුසුදුසු වෙබ් අඩවියක නමක් මොඩියුලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත්, එලෙස නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කිරීම සඳහා වෙනත් පාර්ශවයක බලපෑමක් හෝ පෙළඹවීමක් සිදු වූවාද යන්න පිලිබඳ ඇති සැකය මත මෙලෙස අද දිනයේ දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිලි කළ බවයි.














