දොඩංගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ ගියවර පළාත් පාලන මැතිවරණයේදී දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් අතර ඊයේ (29) ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් ජාතික ජන බලවේගයේ අපේකෂකක් වූ පුද්ගලයාට පහර දී තිබෙනවා.
ඒ අනුව මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමෙන් තුවාල ලබා සිටින ජාතික ජන බලවේගයේ හිටපු අපේකෂකයෙක් සහ වාර්තමානයේ එම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වන පුද්ගලයා මේ වන විට කළුතර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට නියමිතයි.














