කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 684 ක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් ඊයේ (29) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 ක් වන ඔරුගොඩවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් වයස අවුරුදු 27 හා 39 ක් වන බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




