චීන තානාපති සහ ඇමති විජිත අතර හමුවක්

මෙරට චීන තානාපති කී ෂෙන්හොං සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද (29) පෙරවරුවේ මෙම හමුව සිදුවූ බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය, විශිෂ්ට සහයෝගීතාවය සහ නව වසරේදී රටවල් දෙක අතර මෙම කල් පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි එක්ස් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

එමෙන්ම විදුලි රථ වාහන ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමට චීන රජයේ අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථ වාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කර ඇත්තේ.

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටද චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාළ යෝජනා ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා ඒ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01