හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරුවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලැබුවා.

ඒ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකයි.

දේහය අද (28) රාත්‍රි දහය දක්වා එහි අවසන් ගෞරව සඳහා තැන්පත් කර තැබෙන අතර, හෙට (29) පෙරවරු 9.00ට නැවතත් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා තිබෙනවා.

දේහය මහජන ගෞරවය සඳහා එළඹෙන 30 වනදා දක්වා එම පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, 31 වන බදාදා එය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව, බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?