හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරුවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලැබුවා.

ඒ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකයි.

දේහය අද (28) රාත්‍රි දහය දක්වා එහි අවසන් ගෞරව සඳහා තැන්පත් කර තැබෙන අතර, හෙට (29) පෙරවරු 9.00ට නැවතත් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා තිබෙනවා.

දේහය මහජන ගෞරවය සඳහා එළඹෙන 30 වනදා දක්වා එම පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, 31 වන බදාදා එය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව, බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12