ඩග්ලස් දේවානන්දාට නිකුත් කර ඇති තවත් ගිනි අවි කිහිපයක් ගැන විමර්ශන

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ටී 56 වර්ගයේ ගිනි අවි 15ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි 05ක් ඒ අතරවන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුට අදාළ ගිනි අවි 2001 වසරේ නිකුත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඩග්ලස් දේවානන්දා හිටපු අමාත්‍යවරයාට නිකුත් කර ඇති ටී 56 උණ්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් සහ මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

හිටපු අමාත්‍යවරයා ඩග්ලස් දේවානන්දා පසුගිය 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළවයි.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින තුනක් රදවා ප්‍රශ්න කිරිමට ඊයේ (27) පියවර ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03