පාසල් කාලය දෙක දක්වා දීර්ඝ කළොත් විදුහල්පතිවරු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය යටතේ පස්වරු දෙක දක්වා පාසල් පැවැත්වීම සහ කාලච්ඡේදයක් විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය වහාම හකුලා ගන්නා ලෙස විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය දැනුම් දෙනවා.

එම සංගමය අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට යාම තුළ 07,08,09,10,11 පංති සහ උසස්පෙළ පංතිවල දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුකර, ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දී නම්‍යශීලිවී මෙම කටයුත්ත සිදුකරන ලෙසයි අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය දැනුම් දෙන්නේ.

ගුරු විදුහල්පතිවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදී ලබන ජනවාරි 05 වනදා සිට පාසල් කාලය පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?