කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන බදාදා (31) දිනයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරු 4.00 සිට ලබන 30 වන අඟහරුවාදා දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබීමට නියමිතයි.

අනතුරුව ලබන 31 වන බදාදා උදැසන 9.00 සිට සවස 3.00 දක්වා රාජ්‍ය ගෞරවය සඳහා එතුමියගේ දේහය ටොරින්ටන් හි නිදහස්‍ චතුරශ්‍රයේ තැන්‍පත් කෙරෙනු ඇති.

කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කැමැත්ත අනුව ඇයගේ දේහය ආදාහනය නොකරන අතර, දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කරන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මිය ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඇය 91 වන වියේ පසු වුණා.

ප්‍රවීණ ගායන ශීල්පි අභාවප්‍රාප්ත ධර්මදාස වල්පොල මහතාගේ ආදරණීය බිරිඳ වූ ලතා වල්පොල මහත්මිය දරුවන් පස්දෙනෙකුගේ මවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?