ගම්බිම් වෙත ගිය අයට කොළඹ එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (28) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව පළාත් කිහිපයක සිට ඒ වෙනුවෙන් බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පවතින කාලසටහන් වලින් බැහැරව බස් රථ ධාවනය කිරීමට අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

මේ අතර ගාල්ල, මාතර,ඇඹිලිපිටිය, බදුල්ල, හැටන්, මහනුවර වැනි ප්‍රදේශවලින් වැඩි බස් සංඛ්‍යාවක් අද (28) සහ හෙට (29) දිනයේදී මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවයි ඇය සඳහන් කළේ.

එමෙන්ම අධිවේගී මාර්ගවල ද වැඩි බස් සංඛ්‍යාවක් කොළඹට පැමිණෙන මගී ජනතාවගේ ගමන් පහසුව සපුරාගැනීම සඳහා ධාවනයට එක්කර ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.

මේ අතර කොළඹ කොටුව කන්කසන්තුරෙයි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (28) දිනයේ ධාවනයට සැලසුම් කර ඇති අතර, හෙට (39) අලුටම 5.00ට මාතර සිට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01