පසුගිය කාලයේ තමා ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් රෝහල් දියුණු කිරීමේ හැකියාව පවතින බවට යෝජනා ඉදිරිපත් කළවිට එම යෝජනා මැතිවරණ සමයේ විහිලුවට ගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් සහන පැකේජ නිර්මාණය කරන බවත්, මීට වසරකට දෙකකට පෙර තමා කියූ දේ විහිලුවට ලක් කළත්, අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
නිවාස අහිමි වූ සියලු දෙනාට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සදා ගැනීමේ අවස්ථාව උදා කළ යුතු බවත් අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ජන ජීවිත සෑම දෙයක්ම සංවර්ධනය වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වඩිදුරටත් පවසා සිටියා.














