ඉන්දියාවේ ක්‍රිකට් අනාගතය වුණු ගිල්ට ලෝක කුසලානය අහිමි වූ හේතුව මෙන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන 15 දෙනෙක්ගෙන් යුත් ඉන්දීය සංචිතය සඳහා ඉන්දීයාවේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් ඇතුළත් කර නැහැ.

පසුගිය තරගාවලි කිහිපයේදීම ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළ ශුබ්මන් ගිල් මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතය සඳහා ඇතුළත් නොවීම පිළිබද මේ වන විට ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශුබ්මන් ගිල් ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වන අජිත් අගාර්කර්ගෙන් ඉන්දීය මාධ්‍ය ප්‍රශ්නකර තිබෙනවා.

එහිදී තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙන්නේ මෙම දිනවල ගිල්ගේ ලකුණු ලබා ගැනීම අඩු මට්ටමක පවතින බවත් කණ්ඩායමේ නිසි සංයෝජනය පවත්වා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුවූ බවයි.

එමෙන්ම ශුබ්මන් ගිල් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් හට ලබා දීමට නියමිත බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?