අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (20) අලුයම ඒ මහතාගේ දේහය ටහාපත් කර ඇති එප්පාවල කටියාව පිහිටි නිවසට පැමිණ සිටියා.
දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ පිරිස් වෙත සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී නාමල් රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.
අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ ගැටළු පිළිබද අවබෝදයකින් යුතුව කටයුතු කළ බවත් ඔහුගේ වියෝව පිළිබද ශෝකය පලකරන බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මේ වන විට ආණ්ඩුව සිතනුයේ ඔවුන් කොළඹදී වර්තමානයේ ආශ්‍රය කරන පිරිස අතර පමණක් දේශපාලනය පවතින බවත් ආපදා තත්ත්වයෙන් විපතත පත් ගම්වල ජනතාව කෙරෙහි සහ එඅ ජනතාවගේ ගැටළු විසඳීම කෙරෙහි උනන්දුවෙන් කටයුතු නොකරනා බවයි.
මේ අතර අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍යය, දුමින්ද දිසානායක ද පැමිණියා.














