තායිවානයට දැවැන්ත මිලිටරි පැකේජයක්

එක්සත් ජනපදය තායිවානයට ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනුවක් අනුමත කර තිබෙනවා.

එය තායිවානයට මෙතෙක් ලබා දුන් විශාලතම එක්සත් ජනපද අවි පැකේජයයි.

මෙම අලෙවිය අනුමත වන්නේ තායිවානය සම්බන්ධයෙන් වර්ධනය වන චීනයේ මිලිටරි සහ දේශපාලනික පීඩනය මධ්‍යයේ වීමත් විශේෂත්වයක්.

විකිණීමට යෝජිත අවි අතර දැනට රුසියාවට එරෙහිව යුක්රේනය ප්‍රබල ලෙස භාවිත කරන හයිමර්ස් රොකට් පද්ධති, ඇතුළු අයිතම අටක් ඇතුළත්.

අවි ගනුදෙනුව පිළිබඳ නිවේදනය කරමින් පෙන්ටගනය පැවසුවේ, ආයුධ අලෙවිය තායිවානයේ සන්නද්ධ හමුදා නවීකරණය කිරීමට සහ “විශ්වසනීය ආරක්ෂක හැකියාවක්” පවත්වා ගැනීමට දරන අඛණ්ඩ උත්සාහයන්ට සහාය දීමක් බවයි.

තායිවානයට කරන සියලුම ඇමරිකානු අවි අලෙවිය සම්බන්ධයෙන්, කෝපය පළ කරමින්, එය “තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කරන” බව පවසන චීන විදේශ අමාත්‍යංශය එවැනි ගනුදෙනු අවසන් කරන ලෙස ඉල්ලා සිටියා.

චීනය මැඩපැවැත්වීම සඳහා තායිවානය භාවිතා කිරීම නියත වශයෙන්ම අසාර්ථක වන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අනතුරු ඇඟවූවා.

චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන අතර, තායිපේ එම ස්ථාවරය ප්‍රතික්ෂේප කරනවා.

  1. දවසක යුක්රේන් වලට වෙච්චි දේ තායිවානයට වෙනවා ස්ථිරයි… චීනය එක්ක හැරෙන්නවත් බැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56