බංග්ලාදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබද ඉන්දියාවේ කනස්සල්ල

බංග්ලාදේශයේ පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය, විශේෂයෙන් ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය ඉලක්ක කරගත් තර්ජන සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල පළ කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් එරට සිටින බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ඊයේ (18) පස්වරුවේ කැඳවනු ලැබුවා.

බංග්ලාදේශය ඩකා හි ඉන්දීය මහ කොමසාරිස්වරයා කැඳවා, හිටපු අගමැතිනි ෂෙයික් හසීනා විසින් ඉන්දීය භූමියේ සිට කරන ලද “ගිනි අවුලුවන ප්‍රකාශ” ලෙස හැඳින්වූ දෙයකට විරෝධය පළ කිරීමෙන් දින දෙකකට පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශය පවසා තිබුණේ හිටපු අග්‍රාමත්‍යවරියගේ එවැනි ප්‍රකාශ රටේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑම් කරනු ඇති බවයි.

විරෝධතාකරුවන් පිරිසක් බදාදා දහවල් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දෙසට පා ගමනක් ආරම්භ කළ අතර, හසීනා පිටුවහල් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ සටන් පාඨ වුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය අවට ආරක්ෂක තත්වයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් අන්තවාදී කොටස් විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාට දැනුම් දී තිබෙනවා.

නවදිල්ලිය පැවසුවේ මෙම වර්ධනයන් බරපතල කනස්සල්ලට කරුණක් බවයි.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන පරිපාලනයක් යටතේ පෙබරවාරි 12 වන දින බංග්ලාදේශය ජාතික මැතිවරණයකට සූදානම් වෙමින් සිටිනවා.

හසීනා දිල්ලියට පලා ගිය දා සිට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා ක්‍රමයෙන් පිරිහෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49