ඉන්දීය වෛද්‍ය කණ්ඩායම පිටත්ව යයි – තවත් ඉන්දීය ආධාර තොගයක් දිවයිනට

සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගිය දා (14) යළි ඉන්දියාවට පිටත්ව ගියා.

මෙම කණ්ඩායමේ නික්ම යාමට සමගාමීව විපතට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා ද්‍රව්‍යාධාර තොගයක් ද පරිත්‍යාග කිරීමද සිදුව තිබෙනවා.

මෙම වෛද්‍ය කණ්ඩායම ඉන්දියාව කරා රැගෙන යාමට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් ව තිබුණා.

මීට අමතරව, ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක තොගයක් ඊයේ (15) දිනයේදීද මෙරටට එවා තිබු අතර, එම ආහාර තොගය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.