උතුරු, උතුරු – මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (12) දිනයට අදාළ කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.
ඒ අතරින් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලී මීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ඌව පළාතේ මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
ඊට අමතරව සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





