දිස්ත්‍රික්ක 04කට අකුණු ගැන අනතුරු ඇඟවීම්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා,

අද (11) රාත්‍රී 11.00 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කළ කාලගුණ නිවේදනයක් මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?