බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නායයාමේ අවදානමක් – 806 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවලට (වීඩියෝ)

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින කිහිපයේ දී නැවතත් වර්ෂා තත්ත්වයක් ඇති වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක යළිත් නායයෑමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා.

මීට පෙර ආපදා තත්ත්වයක් වාර්තා නොවූ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (10) දිනයේ දී නායයාමක් වාර්තා වූ අතර ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි පවුල 50කට අයත් පුද්ගලයන් 129 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමුකළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේගුණවර්ධන පවසනවා.

ඊට අමතරව ස්වර්ණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 40ක 127 දෙනෙක්, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50ක 139 දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ පවුල් 35ක 158 දෙනෙක්, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 18කට අයත් 87 දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් මෙලෙස අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 238කට අයත් 806 දෙනෙක් මෙලෙස සිය නිවෙස්වලින් ඉවත් කරන්න කටයුතු කළ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36