ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනුකළ අධිචෝදනාව මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් බව අල්ලස් කොමිසම පවසනවා.
එම කොන්දේසි සම්පූර්ණ නොකරන්නේ නම් යළි අධිචෝදනා ගොනු කරන බවත් අල්ලස් කොමිසම මඟින් ඉකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
වැඩිදුරටත් එම නිවේදනය මගින් අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ එම නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් නොකළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
6
+1
+1
1
+1
1
+1















