මෛත්‍රීපාල පොදු සමාව දුන් සුමන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

දෙමටගොඩ ප්‍රදේශයේ පොල් තෙල් සමාගමකින් රුපියල් කෝටි 06 ට ආසන්න වටිනාකමින් යුත් පොල්තෙල් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදී ව්‍යාපාරිකයක්ට රුපියල් කෝටි 06 ක පමණ වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නැමැති ව්‍යාපාරිකයෙක් 2022 සහ 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි කීපයකට අදාළ නඩු 04 ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් එසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

සැකකාර හිමි නම “බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පෙනී සිටිමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල්තෙල් කිලෝ 84,240 ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 08 ක් ලබාදී මෙම වංචාව සිදුකර ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ විජිත රාජපක්ෂ අධිකරණයට දැන්වූවා.

අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම සැකකාර හිමිනමට එරෙහිව 2022 වසරේ එක් පැමිණිල්ලක් සහ 2023 වසරේදී පැමිණිලි 03 ක් එසේ ඉදිරිපත් කර ඇති බවද මෙම සිද්ධීන්වලට අදාළව සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත මුදා හැර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එසේ වරෙන්තු නිකුත් කරන ලෙසට නියෝග කළා.

මීට වසර කිහිපයකට පෙර අවි ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරගතව සිටි එම හිමි නමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දී තිබුණා.

  1. හුරතල් කර කර ඉඳලා වැඩක් නැහැ නැහැ. මොකද හිමිනම කරලා තියෙන්නේ බිස්නස් නං එතන මූල්‍ය අපරාධ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් වරදට දඬුවමක් තියෙනවා අපරාධයට දඬුවමක් තිබිය යුතුමයි. නැත්නම් මේ
    අනිත් එක බුද්ධ පුත්‍රයෙකුට මේ වගේ මගුල් කරන්න අවශ්‍ය නෑ නේ දහම දේශනා කරන්න ආවා නම් දහම දේශනා කරනවා මිසක් මොනබිස්නස් ද
    ශ්‍රී ලංකාව කියන රටේ චීවරයට මුවාවෙලා ගහන ගේම් ගැන නම් කතා කරන්න එපා. ඒවා ාමාන්‍යයෙන් මිනිහෙක් නොකරන දේවල් තමයි ඒවා
    කොහොම වුණත් ඒ මිනිහත් ඉතින් දුක් විඳලා හොයපු සල්ලි නේ

  2. මුන් තෙල් කොම්පැනි දාගෙන T56 දෙකක් ලගතියාගෙන මේ සසර දුකින් එතෙර යන්න නිවන් යන්නද මේ යන්නේ? ගිහියනට වඩා පස්පවූ කරන්නේ මේ අවජාතක හොර ගනින්නාන්සේලා කොටසක් විතරයි ඒ කාලකන්නි සේරම රාජපක්ෂ නිකායේ සක්කිලි වහල්ලු…. මුගේ නිකායේ මහා නායක කියන මිනිහා මුගේ ආයුද තිබිලා අහුවෙච්චි වෙලාවේ මුව සසුනින් එලවා උපවැදි නොකිරීම නිසා එයාට හරිනම් මඩුවලිගෙන් තලලා තට්ටේ තාර ගාන්න ඕනේ… එයාල ඉන්නේ දේපල පාලනය කරන්න විතරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36