අයථා ලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 596කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝශිත රාජපක්ෂ සහ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එකී දෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු උදෙශ් රණතුංග මහතාට දැනුම් දුන්නේ අදාළ නඩුව සඳහා ඩේසි ෆොරස්ට් නැමැත්තියගෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ අංක 8 හී විනිසුරුවරයා වෙත කරුණු දැක්වූ බවයි.
එබැවින් එහි තීන්දුව ජනවාරි මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එකී තීන්දුවෙන් අනතුරුව මෙම නඩුව කැඳවීමට දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය
එම ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 09 වැනිදා යලි නඩුව කැඳවන ලෙසයි.
නඩුවේ දෙවන සැකකාරිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු තවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාමද පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී විත්තිකාර ඩේසි ෆොටෝස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාව ඩිමෙන්ශියා සහ ඇල්සයිම යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ප්‍රකාශ කළා.
සිය සේවා දායකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.
2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ සහ ඇයගේ දේපල භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා පෙන්වා දුන්නා.
අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මේ පිළිබඳව සියලු කරුණු කොළඹ මහාධිකරණ අංක 08 අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවත් එහි නියෝගය ලබන ජනවාරි 20 නිකුත් කිරීමට නියමිත බැවින් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමේන් පසු දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 09 නඩුව කැඳවන ලෙසයි.















