පවතින මානසික තත්ත්වය අනුව වරද සම්බන්ධයෙන් ඩේසිට දැනීමක් නැහැ- නිතිඥවරයා අධිකරණයේදී කියයි

අයථා ලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 596කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝශිත රාජපක්ෂ සහ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එකී දෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු උදෙශ් රණතුංග මහතාට දැනුම් දුන්නේ අදාළ නඩුව සඳහා ඩේසි ෆොරස්ට් නැමැත්තියගෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ අංක 8 හී විනිසුරුවරයා වෙත කරුණු දැක්වූ බවයි.

එබැවින් එහි තීන්දුව ජනවාරි මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එකී තීන්දුවෙන් අනතුරුව මෙම නඩුව කැඳවීමට දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය

එම ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 09 වැනිදා යලි නඩුව කැඳවන ලෙසයි.

නඩුවේ දෙවන සැකකාරිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු තවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාමද පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර ඩේසි ෆොටෝස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාව ඩිමෙන්ශියා සහ ඇල්සයිම යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ප්‍රකාශ කළා.

සිය සේවා දායකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ සහ ඇයගේ දේපල භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා පෙන්වා දුන්නා.

අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ පිළිබඳව සියලු කරුණු කොළඹ මහාධිකරණ අංක 08 අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවත් එහි නියෝගය ලබන ජනවාරි 20 නිකුත් කිරීමට නියමිත බැවින් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමේන් පසු දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 09 නඩුව කැඳවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36