හැටන් මාර්ගයෙන් සිරිපා කරුණාවට සීමා

ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්ත්වය මත එම කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

එමෙන්ම, ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට අපෙක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණ තත්වය හා ගමන් මාර්ගය පිළිබදව දැඩි අවදානයෙන් සහ සැලකිලිමත්ව ක්‍රියාකරන ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?