ආපදාවට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාරවලට මහ බැංකුවෙන් ණය සහන

ආපදාවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළිය ආපසු ගෙවීම මාස 03 සිට 06 දක්වා කාලයක්, ආපදා තත්ත්වය සලකා බලා අත්හිටුවන ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්
වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට දන්වා ඇත්තේ ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොළි අනුපාතයට වඩා වැඩි පොළී අනුපාතයක් අය නොකරන ලෙසයි.

ණය ගෙවීම අත්හිටුවීමේ කාලය ඉකුත්වීමෙන් අනතුරුව අවම වශයෙන් මාස ත03ක සහන කාලයකින් අනතුරුව නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමටත් නව චක්‍ර ලේඛය මගින් අවස්ථාව සලසා තිබෙනවා.

ඊට අමතරව කල්දැමූ පොළී ගෙවීම් සඳහා කිසිදු පොළියක් අය නොකරන ලෙසට ද මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී බැංකුවලට දැනුම් දී ඇත්තේ, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට ඒ ඒ ආපදා සිද්ධීන් සලකා බලමින් නව ණය පහසුකම් ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?