ගංවතුර මැද මගීන්ගේ ජීවිත අනතුරේ දැමූ පුද්ගලික බස් රථයට වැඩ වරදියි

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ දී පැවති ගංවතුර මධ්‍යයේ මගීන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ගංවතුර මැදින් ධාවනය කළ බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මාර්ග අංක 98 මොණරාගල – කොළඹ ධාවනය කරන පෞද්ගලික බස් රථයකට එරෙහිව මෙලෙස විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

ඒ, අනුව මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ එම බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ඊට අමතරව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ලෙස කටයුතු කාලා සේවකයින් දෙදෙනාගේ සේවය මාසයක කාලයකට අත්හිටුවීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයේ දී අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත දී මගීන් 68 සමඟ ගංවතුරේ සිරවූ බස් රථය සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27