මහනුවර නගර සභා භූමියේ විපක්ෂ කණ්ඩායම්වල හැසිරීමට, සජිත් සමාව ගනී

මහනුවර මහ නගර සභා භූමියේ පවත්වාගෙන යනු ලබන ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත පැමිණි මහනුවර නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන ක්‍රියාකරකයින් පිරිසක් විසින් එලෙස පවත්වාගෙන යනු ලබන ආපදා සහන සේවා මධ්‍යස්ථානය, නගර සභා භූමියෙන් ඉවත්කර ගන්නා ලෙස බල කරමින් ඊට විරෝධතාවය දක්වන වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම වීඩියෝවේ සඳහන් වන පරිදි විරෝධතාවය දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ මෙම සහන සේවා මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයත් කාමරයේ බවත්, එම කාමරය විපක්ෂයේ සාකච්ඡා සඳහා අවශ්‍ය කරන බැවින් එම කාමරය තවදුරටත් සහන සේවා සඳහා ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම විඩියෝව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම නිල ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක් කරමින් සඳහන් කර ඇත්තේ මෙලෙස පවත්වාගෙන ගිය සහන සේවා මධ්‍යස්ථානය වෙත විරෝධය දැක්වූ සහ බාධා කළ මහනුවර මහ නගර සභාවේ සභිකයන්ට එරෙහිව සමගි ජන බලවේගය විසින් විනය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් එම මහ නගර සභා සභිකයන්ගේ අයහපත් හැසිරීම් සහ අනවශ්‍ය ක්‍රියාවන් හේතුකොට සිත් රිදවීම් ඇතිවූවන් වෙතින් සමගි ජන බලවේගය වෙනුවෙන් අවංකව සමාව අයදින බවට විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් සටහන මඟින් අවධාරණය කර තිබෙනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
6
+1
49
+1
2
+1
0
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47