ඊයේ සිදු වූ රිය අනතුරු නිසාත් පුද්ගල දිවි අහිමි වීම් 04ක්

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ නායවල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කල පදිකයෙක් මෝටර් රථයකින් හප්පා පලාගොස් තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ පැදීම පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඊයේ (02) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් වූ ලිදුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම මහව, නාගොල්ලාගම මාර්ගයේ වීහේනේගම ප්‍රදේශයේදී මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර වෑන් රථය ද නවතා තිබූ පාපැදියක, තාප්පයක සහ දුරකතන රැහැන් කණුවක ගැටී ඊයේ (02) දිනයේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මහව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ ජනජයපුර,මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

තවත් රිය අනතුරක් අනුරාධපුර පොලිස් වසමේ දුටුගැමුණු මාලිගාව ආසන්නයේදී වාර්තා වනවා.

ලෝලුගස්වැව වටරවුම දෙස සිට තිසාවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කළ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා අනුරාධපුරය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදියක පැදිකාරිය මියගොස් තිබුණා.

එලෙස ඊයේ (02) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ කටුකැලියාව, අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තවද ඊයේ දින සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ නෙළුම්වැව ප්‍රදේශයේදී නෙළුම්වැව දෙස සිට බොරවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ගමන් කල ත්‍රීරෝද රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 15 ක් වූ නෙළුම්වැව, පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?