මල්වතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක පමණ මවක් තම අවුරුදු හතරහාමාරක සහ අවුරුදු අටේ පසුවන දියණිය සහ පුත්‍රයා සමඟ අද (02) උදෑසන අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්වතු ඔයට පැන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මල්වතු ඔයේ ගසක් ආසන්නයේ සිට කාන්තාවක් කෑ ගසන හඬ අසල සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කාන්තාව බේරාගෙන තිබෙනවා.
බේරාගත් කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අතුරුදන්ව සිටින දරුවන් දෙදෙනා සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
දරුවන්ගේ පියා විදේශගතව සිටින බවත්, පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාව මෙලෙස දරු දෙදෙනා සමඟ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.















