නීති කැඩූ උපන්දින සාදය ගැන තවත් තොරතුරු එළියට

තරු පන්ති හෝටලයේ පැවති උපන්දින සාදයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කළ බස් රථය ආපසු හැරවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නම කියැවෙන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවනදා සන්ධ්‍යාවේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මංජු ශ්‍රී නමැති නීතිඥවරයෙකු ඇමතුමක් ලබාදී ඇති බවයි.

එමගින් සිය සේවාදායකයන් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරුව පියුමි හංසමාලි නමැත්තිය දුරකථන ඇමතුමක් ලබාදී තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස පොලීසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

පසුව චන්දිමාල් ජයසිංහ ද දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇමතිවරයා, පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම්දී ඔවුන් තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පිරිස බස් රථයේ සිටියදීම අවශ්‍ය සුබසාධක ද්‍රව්‍ය ගෙනවිත් දීමට අවස්ථාව සලසා දී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අනතුරුව, යළි ඔවුන් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගි වීම හේතුවෙන් අද අත්අඩංගුවට ගත් 7දෙනා ඇප මත මුදා හැරුණා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුව ඔවුන් සති දෙකක කාල සිමාවක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අද අත්අඩංගුවට ගත් සැකකරුවන් ද ඇතුළුව තරු පන්ති හොටලයේ සාදය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 21 ක්.

රංගන ශිල්පිනි මාධවී ඇන්තිනි, ඇයගේ සැමියා වන මිලාන් සිල්වා, රූපලාව්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ මව වන කේ.ගුණවතී. චන්දිමාල්ගේ ඥාති සොයුරියක් වන අනර්කලි ආකර්ෂා, සහ ඔහුගේ රියදුරු මෙලෙස අද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

මීට පෙර මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වනවිටත් ඔවුන් සති දෙකක නිරෝධායන කාලසිමාවක් සඳහා යොමු කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර තිබු මෙම උපන්දින සාදය පිලිබඳ මුලික පරික්ෂණ කොටුව පොලිසිය මගින් සිදු කළ අතර, එහි වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දි තිබෙනවා.එමෙන්ම, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

  1. සාමාන්ය අහින්සක කෙනෙකුටත් පුලුවන්ද කෙලිම්ම සරත් වීරසෙකර මහතාට දුර කතන <ඇමතුමක් අරන් තමට අවෂ්ය අඩු පාඩු ඉල්ලා ගන්න ; කවදාවත් බැහෙ , මෙතන නොකියන රහසක් , සරත් වීරසෙකර කෙලිම්ම අර වෙස්සි එක්ක කතා කරලා තියෙනවා, දුප්පත් අහින්සකයනට සිදු නොවන එවා ගනිකාවනට් සමනලයනට ප්‍රබු වරුන්ට කරනවා ඔහුත් ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39