නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජයගන්නවා – චීනය කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථිර නායකත්වය යටතේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමූහික සහයෝගය ඇතිව, නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජයගනු ඇති බව චීනය පවසනවා.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ චීන රතු කුරුස සංගමය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති බවයි.

සහන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශ චීන සංගමය, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සහාය වීම සඳහා සාමූහිකව රුපියල් මිලියන 10ක් රැස් කරමින් පරිත්‍යාග ව්‍යාපාර දියත් කර තිබෙනවා.

ඊට අමතරව චීන රජයේ හදිසි ආධාර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27