අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2025.11.25 දින සිට 2025.12.25 දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර හිමියන් සඳහා එම බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලය ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, ඉහත දින වකවානුව තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන රිය පැදවීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් ලෙස නොසලකන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත මේ වන විටත් දැනුම් දී තිබෙනවා.
මෙම සහන කාලය තුළ, අදාළ රියදුරන්ට දඩ මුදල් ගෙවීමකින් හෝ නීතිමය බාධාවකින් තොරව තම බලපත්‍ර අලුත් කර ගැනීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් 2025.12.25 දින වන විට එම කටුයතු අවසන් කර ගත යුතු අතර, ඉන් ඉදිරියට මෙම සහනය භාවිත කරමින් රිය පැදවීම සඳහා අවස්ථාවක් නොමැති බව ද අවධාරණය කරනවා.





