රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමට සහන කාලයක්

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2025.11.25 දින සිට 2025.12.25 දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර හිමියන් සඳහා එම බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලය ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, ඉහත දින වකවානුව තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන රිය පැදවීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් ලෙස නොසලකන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

මෙම සහන කාලය තුළ, අදාළ රියදුරන්ට දඩ මුදල් ගෙවීමකින් හෝ නීතිමය බාධාවකින් තොරව තම බලපත්‍ර අලුත් කර ගැනීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් 2025.12.25 දින වන විට එම කටුයතු අවසන් කර ගත යුතු අතර, ඉන් ඉදිරියට මෙම සහනය භාවිත කරමින් රිය පැදවීම සඳහා අවස්ථාවක් නොමැති බව ද අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18