ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් අද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වුණා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, එම හමුවේ දී තානාපතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් අවධානය යොමු කළ බවයි.
එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් තානාපතිය සිහිපත් කළා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
එමෙන්ම රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනු ලැබුවා.















