පහළ කඩුගන්නාව ප්රදේශයේ අද (22) උදෑසන කාලයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදවා ගැනීම සඳහා ශ්රී ලංකා යුධ හමුදා 8වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්රී ලංකා යුද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
තුවාලරුවන් ප්රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත රැගෙන යාමට යුද්ධ හමුදා භට පිරිස් විසින් සහාය ලබා දී ඇති අතර සුන්බුන් යට සිරවී ඇතැයි විශ්වාස කෙරෙන අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ද ක්රියාත්මක කෙරෙනවා.
මෙම මෙහෙයුම් සඳහා එම රෙජිමේන්තුවේ තවත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 45ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.




ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1





