අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙනවා – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ නුගේගොඩ පැවති මහජන රැළිය සඳහා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ ලැබෙන පළමු අවස්ථාවෙන්ම මෙම ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකටනායකත්වය ලබා දීමට ඔවුන්ගේ දේශපාලන බලවේගය සුදානම් බවයි.

”සමහරු අහනවා ඇයි මේ අපි ඡන්දයක්වත් නැතුව එකතු වෙන්නේ කියලා. මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සුදානම් කියලා අපි පණිවිඩයක් දෙනවා.”

පොලිස්පතිවරයාට වගේම, අසීමිත විදියට කඩේ යන රාජ්‍ය සේවකයින්ට මතක් කරනවා ඔබ අවංකව ඔබේ රාජකාරිය ඉටු කරන්න, ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නය අපි විසඳ ගන්නම්.” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
20
+1
2
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?