දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ කළමණාකරුවෙකුට වරෙන්තු

එල්.පී.එල් 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමණාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළා.

මුදලට තරඟ පවා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණි බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

එම නිසා සැකකරුට වරෙන්තු නිකුත් කරන්නැයි එම ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළා.

එල්.පී.එල් 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට  බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ  සටහන් කර ගැනීම අවශ්‍ය බැවින්, එම කළමණාකරුට අධිකරණය මඟින් නොතීසි නිකුත් කර ඇතත් ඔහු එම නොතිසිය අනුව පෙනී සිට නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

මූජීන් අල් රවුමාන්  කළමණාකරු ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමණාකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීම සිදුකළ යුතු බවත් පැවසුවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය  දෙසැම්බර් 05 දින දැනුම් දෙන ලෙසට  නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51