දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ කළමණාකරුවෙකුට වරෙන්තු

එල්.පී.එල් 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමණාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළා.

මුදලට තරඟ පවා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණි බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

එම නිසා සැකකරුට වරෙන්තු නිකුත් කරන්නැයි එම ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළා.

එල්.පී.එල් 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට  බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ  සටහන් කර ගැනීම අවශ්‍ය බැවින්, එම කළමණාකරුට අධිකරණය මඟින් නොතීසි නිකුත් කර ඇතත් ඔහු එම නොතිසිය අනුව පෙනී සිට නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

මූජීන් අල් රවුමාන්  කළමණාකරු ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමණාකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීම සිදුකළ යුතු බවත් පැවසුවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය  දෙසැම්බර් 05 දින දැනුම් දෙන ලෙසට  නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36