ෂෙයික් හසීනාට මරණ දඬුවම – හසීනා තීන්දුව දැඩි ලෙස හෙළාදකී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියමකර තිබෙනවා.

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇයට මෙම දඬුවම නියම කෙරුණා.

වසර 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල රජයක් පිහිටුවා නැහැ.

බලයෙන් පහකිරීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති ෂෙයික් හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වනු ලැබුවේ ඇය නොමැතිවයි.

මේ අතර ඩකා අධිකරණය ලබාදුන් නඩු තීන්දුව හිටපු අගමැතිනි හසීනා, පක්ෂග්‍රාහී සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත තීන්දුවක් ලෙස හෙළා දැක තිබෙනවා.

මරණ දඬුවම යනු “අවාමි ලීගය දේශපාලන බලවේගයක් ලෙස අහෝසි කිරීමේ” අන්තර්කාලීන රජයේ ක්‍රමය බව ඇය තීන්දුවෙන් පසු නිකුත් කළ ප්‍රකාශයක සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?