සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්.
දෙරට අතර ඊයේ (16) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්ථාන කණ්ඩායමට කඩුලු හයක ජයක් හිමිවුණා.
මේ අතර 2021 වසරෙන් පසු විදේශයන්හි පැවති ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අඩුම සංඛාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පත්ව සිටිනවා.
2021 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමෙන් පිට එක්දින තරග 24 කට සහභාගී වී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග පහක් පමණයි.
තරග 18ක් පරාජය වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය ලෙස දැක්වෙන්නේ 20.83%ක්.
මේ අතර 2021 වසරෙන් පසු සිය මව්බිමෙන් පිට වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයගෙන ඇති කණ්ඩායම් අතර පාකිස්තානය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා.






