හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තියුණු තරගයකින් අනතුරුව පලිහ ශූරතාව ජයග්‍රහණය කරන්නට සත්කාර හොංකොං කණ්ඩායම අද (09) සමත් වුණා.
පලිහ ශූරතාව වෙනුවෙන් පැවති අවසන් තරගයෙන් බංග්ලාදේශය පරදා හොංකොං කණ්ඩායම මෙම තරගය ජයගත්තේ එක් කඩුල්ලකින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 120ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ඒ, අනුව හොංකොං කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 121ක් .
එම ඉලක්කය හඹා ගිය හොංකොං කණ්ඩායමට සිය ඉනිමේ පන්දුවර පහක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 91ක් රැස්කර ගෙන සිටි අතර, ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 06ක් තුළ ලකුණු 30ක් අවශ්‍යව තිබුණා.
ඒ අනුව හොංකොං පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 32ක් රැස්කරමින් අදාළ ඉලක්කය පසුකර ගොස් මෙම තරගය ජයගත් හොංකොං කණ්ඩායම තරගාවලියේ පලිහ ශූරතාව දිනාගත්තා.
මේ අතර මෙවර තරගාවලියේ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.





