හොංකොං සික්සස් තරගාවලියේ පලිහ ශූරතාව සත්කාරකයින්ට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තියුණු තරගයකින් අනතුරුව පලිහ ශූරතාව ජයග්‍රහණය කරන්නට සත්කාර හොංකොං කණ්ඩායම අද (09) සමත් වුණා.

පලිහ ශූරතාව වෙනුවෙන් පැවති අවසන් තරගයෙන් බංග්ලාදේශය පරදා හොංකොං කණ්ඩායම මෙම තරගය ජයගත්තේ එක් කඩුල්ලකින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 120ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව හොංකොං කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 121ක් .

එම ඉලක්කය හඹා ගිය හොංකොං කණ්ඩායමට සිය ඉනිමේ පන්දුවර පහක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 91ක් රැස්කර ගෙන සිටි අතර, ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 06ක් තුළ ලකුණු 30ක් අවශ්‍යව තිබුණා.

ඒ අනුව හොංකොං පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 32ක් රැස්කරමින් අදාළ ඉලක්කය පසුකර ගොස් මෙම තරගය ජයගත් හොංකොං කණ්ඩායම තරගාවලියේ පලිහ ශූරතාව දිනාගත්තා.

මේ අතර මෙවර තරගාවලියේ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57