මාස හයේ බිළිඳාගේ ඝාතනයට මව සහ සමලිංගික සහකාරිය අල්ලයි

මස හයක් වයසැති තම බිළිඳා ඝාතන කිරීමේ චෝදනාවට, බිළිඳාගේ මව සහ ඇයගේ සමලිංගික සහකරු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

බිළිඳාගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බව සහ ඇයගේ සමලිංගික සහකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මස මුලදී තමිල්නාඩුවේ, ක්‍රිෂ්ණගිරි ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව ඇති ආතර, මව්කිරි දෙන අතරතුර බිළිඳා මිය ගොස් ඇති බවට මව ප්‍රකාශ කිරීමත් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා බිළිඳාගේ දේහය භූමදාන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් දින කිහිපයකට පසු බිළිඳාගේ පියා පොලිසියට පැමිණ කියා සිටියේ දරුවාගේ මව සහ තවත් කාන්තාවක් අතර සම්බන්ධතාවයක පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ජංගම දුරකථනයේ තිබී සොයා ගත් බවයි.

මොවුන් දෙදෙනාගේ මෙම සමලිංගික සම්බන්ධතාවයට සම්බන්ධ පීඩනය හේතුවෙන් දරුවා ඝාතනය කරන්නට ඇති බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම සතිය මුලදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳාගේ මළ සිරුර ගොඩගෙන ඇති අතර විමර්ශකයින් හෙළි කළේ දරුවාගේ ගෙළ සිරකර ඇති බවයි.

ඒ, අනුව සැකකාර මව සහ ඇයගේ සමලිංගික සහකාරිය අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එහිදී බිළිඳාගේ මව පවසා ඇත්තේ තම සැමියාගේ දරුවා තමාට අවශ්‍ය නැති බවත්, තම සැමියා තමාව රැකබලා නොගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
3
+1
3
+1
36
+1
1
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?