පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් ගැබක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් වත්තල ප්‍රදේශයේ දී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් එම රථය නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගිනි අවිය සහ පතරොම් ගැබ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෝටර් රථයේ රියදුරු අසුන යට සඟවා තිබිය දී එම ගිනි අවිය සහ පතරොම් ගැබ සොයාගැනීමට පොලිස් නිලධරීන්ට හැකිව තිබෙනවා.
මේ සමඟ අත්අඩංගුවට ගැනුණු මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අදාළ අවිය වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන ගිය බවයි.
ඒ, අනුව ගිනි අවිය ලබාගැනීමට සූදානමින් සිටි පුද්ගලයා ද මාබෝල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.





