මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- අග්නි ආයෝජන ප්රවර්ධන අරමුදලක් “අග්නි අරමුදල” පිහිටුවීමට රුපියල් මිලියන 2500ක්.
- අස්වැසුම් ප්රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්රෝඩ්බෑන්ඩ් වව්චර් පත් ලබා දෙනවා.
- ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර 05ක බදු සහන.
- QR කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.
- රාජ්ය ආයතනවලට සිදුකරන ඩිජිටල් ගෙවීම්වල දී සේවා ගාස්තු ඉවත් කිරීමට කටයුතු කරනවා.
- මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා.
- පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම 2026 වසරේ මාර්තුවේ
- ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
- රාජ්ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ පද්ධතිය විධිමත් කරනවා.
- ඩිජිටල් ක්ෂේත්රයේ ආයෝජනය වෙනුවෙන් රුපියල් මිලියන 25,500ක්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
+1





