සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා ගුවන් තොටුපොළේ දී
ලබාගත හැකි රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට සහ මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට විදේශිකයින්ට මෙරටට පැමිණීමේ දී ලබාගත රියදුරු බලපත්‍ර කාණ්ඩ කිහිපයක් යටතේ පවතිනවා.
ඒ, අනුව මාසයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී රුපියල් 2000ක ගාස්තුවක් අයකෙරෙනවා.
එමෙන්ම මාස දෙකක් සඳහා රුපියල් 4000ක්, මාස තුනක් සඳහා රුපියල් 6000ක් සහ මාස හතරක් සඳහා රුපියල් 8000ක් විදේශිකයින්ගෙන් අයකර ගනු ලබනවා.
ඊට අමතරව මාස පහක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබාගන්නේ නම් ගෙවිය යුතු මුදල රුපියල් 15,000ක්.
මේ අතර සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව මෙම වසරේ දී සංශෝධනය යුතු වනවා.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අයකෙරෙන ගාස්තුව වසර තුනෙන් තුනට සංශෝධනය විය යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ.















