විදේශිකයන්ට නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළ දමන්න යයි

සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා ගුවන් තොටුපොළේ දී
ලබාගත හැකි රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට සහ මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විදේශිකයින්ට මෙරටට පැමිණීමේ දී ලබාගත රියදුරු බලපත්‍ර කාණ්ඩ කිහිපයක් යටතේ පවතිනවා.

ඒ, අනුව මාසයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී රුපියල් 2000ක ගාස්තුවක් අයකෙරෙනවා.

එමෙන්ම මාස දෙකක් සඳහා රුපියල් 4000ක්, මාස තුනක් සඳහා රුපියල් 6000ක් සහ මාස හතරක් සඳහා රුපියල් 8000ක් විදේශිකයින්ගෙන් අයකර ගනු ලබනවා.

ඊට අමතරව මාස පහක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබාගන්නේ නම් ගෙවිය යුතු මුදල රුපියල් 15,000ක්.

මේ අතර සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව මෙම වසරේ දී සංශෝධනය යුතු වනවා.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අයකෙරෙන ගාස්තුව වසර තුනෙන් තුනට සංශෝධනය විය යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20