ලබන වසරේ ලූණු ගොවියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ – ඇමති වසන්ත (වීඩියෝ)

එළඹෙන 2026 වසරේ සිට අල සහ ලූණු ගොවියාට, වර්තමානයේ පවතින ගැටලු නැවත ඇති නොවීමට අවශ්‍ය සැලසුම ඇති කිරීමට කටයුතු කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බී ලූණු නිෂ්පාදනය හතර ගුණයක වැඩිවීමක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජයේ වැඩපිළිවෙළ යටතේ සතොස මගින් බී ලුණු කිලෝ 70,000කට වැඩි ප්‍රමාණයක් ඊයේ (04) දිනවන විට මිලදීගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව පෞද්ගලික අංශ විසින් ද මේ වනවිට විශාල වශයෙන් බී ලූණු මිලදීගෙන ඇති බවත් සඳහන් කළා.

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා මාසයකට බි ලූණු මෙට්‍රික් ටොන් ලකෂ තුනක පමණ අවශ්‍ය වන බවත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේ මේට්‍රික් ටෝන් 7000ක් සහ ඔක්තෝබර් මාසේ මේට්‍රික් ටෝන් 12,000ක් ආනයනය කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම බී ලූණු ගොවියාට සහනයක් ලබාදීම සඳහා මෙතෙක් කල් පැවති රුපියල් දහයක බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?