ලබන වසරේ ලූණු ගොවියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ – ඇමති වසන්ත (වීඩියෝ)

එළඹෙන 2026 වසරේ සිට අල සහ ලූණු ගොවියාට, වර්තමානයේ පවතින ගැටලු නැවත ඇති නොවීමට අවශ්‍ය සැලසුම ඇති කිරීමට කටයුතු කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බී ලූණු නිෂ්පාදනය හතර ගුණයක වැඩිවීමක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජයේ වැඩපිළිවෙළ යටතේ සතොස මගින් බී ලුණු කිලෝ 70,000කට වැඩි ප්‍රමාණයක් ඊයේ (04) දිනවන විට මිලදීගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව පෞද්ගලික අංශ විසින් ද මේ වනවිට විශාල වශයෙන් බී ලූණු මිලදීගෙන ඇති බවත් සඳහන් කළා.

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා මාසයකට බි ලූණු මෙට්‍රික් ටොන් ලකෂ තුනක පමණ අවශ්‍ය වන බවත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේ මේට්‍රික් ටෝන් 7000ක් සහ ඔක්තෝබර් මාසේ මේට්‍රික් ටෝන් 12,000ක් ආනයනය කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම බී ලූණු ගොවියාට සහනයක් ලබාදීම සඳහා මෙතෙක් කල් පැවති රුපියල් දහයක බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32