සජිත් ප්‍රේමදාස සහ ලෝක් සභා කථානායක, ඕම් බිර්ලා අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ඉන්දීය නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අදාළ ඵලදායි භාවිතයන් බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂ වටිනා සාකච්ඡාවක් සඳහා ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා හමුවුණා.

ආයතනික වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායකයට අදාළ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු තුළ තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව නායකයින් දෙපළ අතර අදහස් රැසක් මෙහි දී හුවමාරු වී තිබෙනවා.

ව්‍යුහගත හුවමාරු, අධ්‍යයන චාරිකා සහ ධාරිතා ගොඩනැගීම වැනි මුලපිරීම් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ද එහිදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

තවද ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ පාර්ලිමේන්තු අඛණ්ඩතාවයේ වටිනාකම් සඳහා දෙරටේම බෙදාගත් කැපවීම මෙම රැස්වීමේදී අවධාරණයට ලක් වුණා.

මෙම සාකච්ඡාවලින් පසුව ලෝක් සභා සංකීර්ණයේ නව කථානායක කාර්යාලයේ සංචාරයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා ලැබුණු අතර එහි දී අති නවීන පහසුකම් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් වූ කඩදාසි රහිත පාර්ලිමේන්තු මෙහෙයුම් පද්ධතිය, නවීකරණය වූ ව්‍යවස්ථාදායක පාලනය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආකෘතියක් ද විපක්ෂනායකවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?