සජිත් ප්‍රේමදාස සහ ලෝක් සභා කථානායක, ඕම් බිර්ලා අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ඉන්දීය නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අදාළ ඵලදායි භාවිතයන් බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂ වටිනා සාකච්ඡාවක් සඳහා ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා හමුවුණා.

ආයතනික වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායකයට අදාළ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු තුළ තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව නායකයින් දෙපළ අතර අදහස් රැසක් මෙහි දී හුවමාරු වී තිබෙනවා.

ව්‍යුහගත හුවමාරු, අධ්‍යයන චාරිකා සහ ධාරිතා ගොඩනැගීම වැනි මුලපිරීම් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ද එහිදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

තවද ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ පාර්ලිමේන්තු අඛණ්ඩතාවයේ වටිනාකම් සඳහා දෙරටේම බෙදාගත් කැපවීම මෙම රැස්වීමේදී අවධාරණයට ලක් වුණා.

මෙම සාකච්ඡාවලින් පසුව ලෝක් සභා සංකීර්ණයේ නව කථානායක කාර්යාලයේ සංචාරයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා ලැබුණු අතර එහි දී අති නවීන පහසුකම් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් වූ කඩදාසි රහිත පාර්ලිමේන්තු මෙහෙයුම් පද්ධතිය, නවීකරණය වූ ව්‍යවස්ථාදායක පාලනය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආකෘතියක් ද විපක්ෂනායකවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56